2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින්ට 27 හදිසි සාකච්ඡාවක් - හේතුව මෙන්න

Report

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින් සඳහා හදිසි සාකච්ඡාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව එළඹෙන 27 වන දින එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දැනුම් දී තිබෙනවා.

එහෙත් මේ සම්බන්ධයෙන් 2009/2010 ග්‍රාම නිලධාරි එකමුතුව සඳහන් කළේ මාර්තු මස 03වනදාට සිය එකමුතුව මඟින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බවට වාර්තා වීම නිසා අඳාළ සාකච්ඡාව ලබා දී ඇති බවයි.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

එසේම ඔවුන් සඳහන් කළේ වසර 17ක සිට තිබෙන ශ්‍රේණි ගැටලුවට විසඳුම් ඉල්ලා දීර්ඝ කාලයක සිට සිදුකරන ලද සාකච්ඡා අසාර්ථක වීම සහ පරිපාලන නිලධාරින් මෙම ගැටලුව නොසලකා හරිමින් කල්මැරීම යන කරුණු මත සිය කණ්ඩායම මඟින් අනෙක් ග්‍රාම නිලධාරි වෘත්තිය සංගම් සියල්ල සහ පරිපාලන ග්‍රාම නිලධාරි සංගම්වල සහාය ඇතිව වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමේ තීරණයක සිටි බවයි.

2007 වර්ෂයේ පැවැති බඳවාගැනීමේ තරග විභාගයෙන් සමත්ව ග්‍රාම නිලධාරි සේවයට එක්වූ 2,300කට අධික එනම් දැනට සක්‍රීය සේවයේ සිටින නිලධාරින්ගෙන් 25%කට ආසන්න සංඛ්‍යාවක් මෙම 009/2010 ග්‍රාම නිලධාරි එකමුතු නියෝජනය කරන බව සඳහන්.

ඒ අනුව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ සිය සාධාරණ වෘත්තීය ඉල්ලීම් ජයග්‍රහණය කරන තෙක් ඉදිරියේදී කටයුතු කරන බවයි.

මේ දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්

මේ දිනෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක් - විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් නව චක්‍රලේඛයක්

මේ ගෙවීම හරියට කරොත් රන් සහ රිදී කාඩ් දෙකක් රජයෙන් - විශේෂ වරප්‍රසාද කාඩ්

මේ ගෙවීම හරියට කරොත් රන් සහ රිදී කාඩ් දෙකක් රජයෙන් - විශේෂ වරප්‍රසාද කාඩ්