අද උදේ 8 සිට GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් - හදිසි තීරණයට හේතුව මෙන්න
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(06) දින පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේ ලබන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.
ශ්‍රී ලංකාවේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් රටටම සුබ ආරංචියක් - අද සිට මේ QR ගනුදෙනුවල සේවා ගාස්තු ඉවතට
එබැවින් අද විදෙස්ගත වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව ලබන බ්‍රහස්පතින්දා දින අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ද සඳහන්.
එසේම දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණා.