මැදපෙරදිග යුද උණුසුම අතරේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අහස උසට
මේ වනවිට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අනුව WTI Crude බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් තිබෙන බව සදහන් වේ එය සියයට 11.41ක වැඩිවීමකි.
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිලද ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති අතර, එය ද ඉහළ යාමක් ලෙස සදහන්ය.
තවද මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.84 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය කාලයේදී වැඩි වශයෙන් එම බොරතෙල් වර්ගය ආනයනය කර තිබීම හේතුවෙන් මර්බන් බොරතෙල් ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි නිපදවනු ලබන මෙම බොරතෙල් වර්ගය පිරිසිදු, සැහැල්ලු සහ සල්ෆර් අඩු මට්ටමක පවතින බැවින් පිරිපහදුව සඳහා ඉතා පහසුය.
ඒ වගේම විශේෂඥයන් පෙන්වා දෙන්නේ පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන වැනි නිෂ්පාදන සඳහාද ඉතා සුදුසු බවයි