වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත

Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති අතර, එහි සිටින තවත් රැඳවියන් 500 කට ආසන්න පිරිසක් ගාල්ල ප්‍රදේශයේ වසා දමා ඇති මහ මෝදර රෝහල් පරිශ්‍රය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇත.

මෙම ගැටුම්කාරී අවස්ථාවේදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ රූපවාහිනී පද්ධතිය, බෙහෙත් ගබඩාව, සිරුරු ස්කෑනර් යන්ත්‍රය, සී.සී.ටී.වී පද්ධතිය, ප්‍රධාන කාර්යාල සහ මූලික ගබඩාව ඇතුළු ස්ථාන රැසක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති අතර, එම දේපළ හානියේ වටිනාකම රුපියල් කෝටි 10 කට වඩා වැඩි බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

රැඳවියන් විවිධ බන්ධනාගාර වෙත රැගෙන යාම සඳහා බස්රථවලට නංවාගැනීමෙන් අනතුරුවද, බස්රථය ඇතුළත පිරිසක් නැවතත් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් වෙනත් බස් රථයකට මාරු කිරීමටද පියවර ගෙන ඇත.

මේ අතර, මෙම බන්ධනාගාර නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වූ බව කියන සංවිධානාත්මක පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්ම නැමැත්තාගේ සමීපතමයකු ඇතුළු දරුණු ගණයේ රැඳවියන් 13 දෙනකු සහ සාමාන්‍ය රැඳවියන් 55 දෙනකු පෙරේදා (6) රාත්‍රී කාලයේදීම දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ලේ විලක් කළ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට - මරණ ගණන 28 දක්වා ඉහළට

ලේ විලක් කළ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට - මරණ ගණන 28 දක්වා ඉහළට