අම්මෙක්ට පුළුවන්ද දරුවෙක්ට මෙහෙම කරන්න, මවක් දරුවෙක්ට කළ අහස පොළොව නුහුලන අපරාධය

Report

මවගේ පහරකෑමෙන් ඝාතනයට ලක්වූ තුන් හැවිරිදි දැරියගේ සිරුරේ බාහිර හා අභ්‍යන්තර තුවාල 75 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන බව මත්තේගොඩ පොලිසිය සදහන් කරයි.

සිය අනියම් සැමියාට පියා ලෙස ආමන්ත්‍රණය නොකිරීමට උරණව මෙම පහර දීම සිදු කර තිබේ.

මෙම දැරියව මව විසින් බොහෝ අවස්ථාවලදී සොලවා පොළොවේ ගසා ඇති බවත් අතින් පයින් හා විවිධ ද්‍රව්‍යවලින් ද පහරදී ඇති බවත් විමර්ශන මගින් අනාවරණය වී ඇත.

 මත්තේගොඩ මාගම්මන සමගි මාවත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මත්තේගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ තුන්හැවිරිදි සිය දියණියකගේ සැක සහිත මරණයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අනුවයි.

මෙම කාන්තාව විවාහක සැමියාගෙන් කලකට පෙර වෙන්වී ඇති බවත් පසුව කුලී රථ රියැදුරකු හා සමීප සම්බන්ධතාවක් පවත්වමින් ඔහු සමගින් මාස තුනක පමණ කාලයක් ජීවත් වන බවත් මෙම අනියම් යුවළම තුන්හැවිරිදි දැරියට විවිධාකාරයෙන් වදහිංසා හා පහරදීම් සිදුකර ඇති බවත් පොලිසියට ඡායාරූප හා සාක්ෂි සහිතවම අනාවරණය වී තිබේ.

දැරියගේ මව මෙන්ම මවගේ අනියම් සැමියා ද තමාට පියා ලෙස ආමන්ත්‍රණය නොකිරීම මුල් කරගනිමින් අමානුෂික අන්දමින් පහරදී ඇති බවත් වාර්තා වී තිබේ.

වත්තලදී සොයාගත් දේ මෙන්න

වත්තලදී සොයාගත් දේ මෙන්න

 මේ ආකාරයෙන් පහරකෑමට ලක්ව ඇති දැරිය ආසාත්මිකතාවකට ලක්ව හෝමාගම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම දැරිය පහරදීම් මත ඝාතනයට ලක්ව ඇති බව අනාවරණය වී ඇති අතර පහරදීමට සම්බන්ධ සැකකාර සුළු පියා ප්‍රදේශයෙන් පලාගොස් තිබිණී.

මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

විශ්වවිද්‍යාල ගැන නරක ආරංචියක් - රජරට විශ්වවිද්‍යාලයේ ලොකු ප්‍රශ්නයක්

විශ්වවිද්‍යාල ගැන නරක ආරංචියක් - රජරට විශ්වවිද්‍යාලයේ ලොකු ප්‍රශ්නයක්