වත්තලදී සොයාගත් දේ මෙන්න

Report

 වත්තල ගාල හන්දිය ප්‍රදේශයේදී ජීව පතරොම් සහිත පාර්සලයක් පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පාර්සලය සොයාගෙන ඇති බව පොලිසිය මේ බව සදහන් කර තිබේ.

එම පාර්සලය තුළ ටී56 ජීව පතරොම් 04 ක්, රිවොල්වර වර්ගයේ ජීව පතරොම් 04 ක්, පිස්තෝල වර්ගයේ ජීව පතරොම් 02 ක් හා විවිධ වර්ගයේ සිම්පත් 11 ක් තිබී ඇත.

ඒ වගේම සිදු කළ විමර්ශනයකින් පසු අදාළ පාර්සලය සගවා තැබූ බවට සැකපිට පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි පොල්පාගොඩ, යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකු බව වාර්තා වේ.

තවද විමර්ශනවලදී අනාවරනය වී තිබෙනුයේ මෙම සැකකරු ගල්නෑව, කල්තොට හා ඇල්පිටිය පොලිස් වසම්වලට අදාළ අධිකරණවලින් දින වරෙන්තු හා විවෘත වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයෙකු බවයි.

සාමකාමී එකමුතුව අප රටේ සදාකාලික සම්පතයි - විපක්ෂ නායක

සාමකාමී එකමුතුව අප රටේ සදාකාලික සම්පතයි - විපක්ෂ නායක

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ විමර්ශන සිදුකිරීමට පැය 72ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලබයි.