මෙහෙ පනදාගෙන රිලා ප්‍රශ්නෙට විසදුම් හොයන කොට අරහේ වඳුරෙක් දැරියකට කරලා තියන අපරාධයක්..

By Piyumika Jan 26, 2025 04:39 AM GMT
Report

වඳුරෙක් විසින් දැරියක් නිවසේ වහලයෙන් බිමට තල්ලු කිරීමෙන් මිය යාමේ ඛේදජනක සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිවාන් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 10 වන ශ්‍රේණියේ දැරියක් බවයි වාර්තා වන්නේ.

ට්‍රැවලින් ලයිෆ් එක කරගත්ත ඔයාටත් මේ පණිවිඩයට නම් සතුටු හිතෙයි..

ට්‍රැවලින් ලයිෆ් එක කරගත්ත ඔයාටත් මේ පණිවිඩයට නම් සතුටු හිතෙයි..

පැවති ශීත කාලගුණය හේතුවෙන් මෙම දැරිය ඊයේ (25) නිවසේ වහලය මත හිරු එළියේ වැතිර පාඩම් කරමින් සිට තිබෙනවා. එම අවස්ථාවේ දී වහලය මතට පැමිණි වඳුරු රංචුවක් දැරියට හිරිහැර කිරීමට පටන් ගෙන ඇති අතර, එහිදී බියට පත් වූ දැරිය ඉන් මිදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

දැරිය එම අවස්ථාවේ පඩිපෙළ දෙසට දිව ගොස් ඇති අතර, වඳුරෙකු ආක්‍රමණශීලී ලෙස පැන ඇයව තල්ලු කර තිබෙනවා. ඒ, සමඟ ඇයගේ සමබරතාවය ගිලිහී ගොස් වහලයෙන් ඇද වැටී ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

වහලයෙන් ඇද වැටුණු දැරිය බරපතළ තුවාල ලබා ඇති අතර, ඇය සිහිසුන්ව සිටියදීම රෝහල් ගත කිරීමට නිවස අවට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

තරුණ පරම්පරාවේ තීරණ නිසා වතු කම්කරුවන්ට සිදුව ඇති දේ..

තරුණ පරම්පරාවේ තීරණ නිසා වතු කම්කරුවන්ට සිදුව ඇති දේ..

කෙසේ වෙතත් ඇය රෝහල් ගත කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරු තහවුරු කර ඇත්තේ. ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක සිට වඳුරන් ප්‍රදේශය තුළ මෙලෙස දරුණු ආකාරයට හැසිරෙන බවත් ඉන් ජන ජීවිතයට විශාල තර්ජනයක් ද වී ඇති බවයි.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ප්‍රියා කුමාරි නැමැති මෙම දැරිය ඇගේ ඉදිරි විභාග සඳහා සූදානම් වෙමින් සිටිය දී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

You may like this video