ට්‍රැවලින් ලයිෆ් එක කරගත්ත ඔයාටත් මේ පණිවිඩයට නම් සතුටු හිතෙයි..
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ දුර ගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
උඩරට මාර්ගයේ, දුම්රිය ගමන විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ශනය සහ එම දුම්රිය ගමන සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
ඒ අනුව ලබන 31 වනදා සිට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා මෙන්ම, පෙබරවාරි පළමුවනදා සිට කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක්කෙරෙන බවයි ඔහු පැවසුවේ.
එසේම ඇල්ල - ඔඩිසි - කැන්ඩි සහ ඇල්ල - ඔඩිසි - නානුඔය ලෙස නව දුම්රිය දෙකක් පිළිවෙලින් පෙබරවාරි පළමු වනදා සහ 10 වනදා සිට ධාවනයට එක්කෙරෙනවා.
කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන ඇල්ල - ඔඩිසි - කොළොම්බෝ දුම්රියේ අමතර ගමන්වාරයක් පෙබරවාරි 10 වනදා සිට සෑම සදුදා දිනම කොළඹින් පිටත් වීමට සහ පෙබරවාරි 11 වනදා සිට සෑම අගහරුවාදා දිනකම, බදුල්ලෙන් පිටත් වීමට ද නියමිතයි.
නව වසරේ මුල් දින 22 දීවිදෙස් සංචාරකයන් 177,403දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා
ඉන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ
එම සංඛ්‍යාව 30,847ක් වන අතර ඊට අමතරව රුසියාව, එංගලන්තය සහ ජර්මනිය ඇතුලු රටවල්වලින් ද සංචාරකයන් මෙරටට පැමිණ තිබෙනවා.
You may like this video