ඉඟුරු ටිකක් දාලා ප්ලේන්ටියක් ඒම ටිකක් සැරට බොන්න තිබ්බ නම්?. මිලට එකපාරටම වුණ දෙය අදහා ගන්නත් බෑ..
මේ වන විට දේශිය වෙළඳපොලේ ඉඟුරු මිල ගණන් සීඝ්‍ර ලෙස පහළ බැස තිබෙනවා.
ඒ ඉඟුරු ආනයනය කිරීමට ගෙන ඇති තීරණයත් සමගයි.
එම මිල ගණන් අඩු වීම හමුවේ තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බවට ඉගුරු ගොවීන් චෝදනා කරයි.
පසුගිය කාල සීමාවේ වෙළදපොලේ රුපියල් 3000 දක්වා ඉගුරු මිල ඉහළ ගියේ ය.
නමුත්, අද වන විට ඉඟුරු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 1000ක මිලකට වේ.
කෙසේ වෙතත්, මිල පාලනය කිරීමේ අරමුණින් ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.