මහ ජන්දයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට..

Report

එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාරදීම අද (23) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අතිශයින් ම තීරණාත්මක තරගය අද.. දිනුවොත් ලංකාවට උසස්වීමකුත් ..

අතිශයින් ම තීරණාත්මක තරගය අද.. දිනුවොත් ලංකාවට උසස්වීමකුත් ..

ඒ අනුව, එම තැපැල් ජන්ද අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු භාර ගෙන කඩිනමින් සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කළේය.

මහ මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම මේ මස 30, නොවැම්බර් 01 හා 4 යන දිනවලදී සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මැදියම් රැයෙන් අවසන් වන දෙයක්..

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මැදියම් රැයෙන් අවසන් වන දෙයක්..

එම දින දෙකේදී තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ජන්ද දායකයින්ට නොවැම්බර් 7 හා 8 යන දිනවලදී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.