ගෑස් මිල ඉහළට.. බගන්තලාවේ මිනිස්සු අසරණ වෙයි

Report

දින ගණනාවකට පසු බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් දෙදෙනෙකුට කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 250ක් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අද (20) පස්වරුවේ නිකුත් කර තිබේ.

ගිනිගත්හේන රංජුරුවාව ප්‍රදේශයේ පිහිටි ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම් මධ්‍යස්ථානය වෙත පෞද්ගලික ලොරි රථයක් යවා ගෑස් තොගය ගෙන ආ බවත්, එම ලොරි රථයට ගෙවූ මුදල් පාරිභෝගිකයන්ගෙන් එකතු කරගෙන තමන්ට ලැබුණු සීමිත ගෑස් තොගය පාරිභෝගිකයන් අතර බෙදා හැරූ බවත් බගවන්තලාව නගරයේ අලෙවි නියෝජිතයන් සඳහන් කළහ.

ගෑස් හිඟය අහම්බයක් නෙවෙයි.. විගණන වාර්තාවෙන් බරපතළ අනාවරණයක්

ගෑස් හිඟය අහම්බයක් නෙවෙයි.. විගණන වාර්තාවෙන් බරපතළ අනාවරණයක්

සමාගම විසින් නිල වශයෙන් රුපියල් 3,867.16කට අලෙවි කළ යුතු කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් බගවන්තලාව ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට රුපියල් 4,000ක මිලකට මිලදී ගැනීමට සිදු වූ බව ද වාර්තා වේ.

මෙම ගෑස් හිඟය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශයේ ගෘහස්ථ පාරිභෝගිකයන් මුහුණ දුන් අපහසුතාවයන් සමනය කිරීමට මෙම නිකුත් කිරීම උපකාරී වූ බවත්, නමුත් තවදුරටත් ස්ථාවර ලෙස ගෑස් ලැබීමේ අවශ්‍යතාව පවතින බවත් අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කළහ.

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර

ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර