මහාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් - තීරණාත්මක තීන්දුවක් අද

Report

ගම්පහ මහාධිකරණය අවට මේ වනවිට ආරක්ෂාව තරකර ඇත.

ඒ, අරගලය පැවති 2022 මැයි මස 09 වැනිදා නිට්ටඹුව නගරයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බැවිණි.

මහාධිකරණ තීන්දුව අද - ඝාතනය කල අමරකීර්ති අතුකෝරලගේ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට

මහාධිකරණ තීන්දුව අද - ඝාතනය කල අමරකීර්ති අතුකෝරලගේ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට

මෙම නඩු තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.

පොලිසියේ ගුටි බැටයක් - පොලිස් නිලධාරියෙක් රෝහලේ - වහාම ශල්‍යකර්මයකට

පොලිසියේ ගුටි බැටයක් - පොලිස් නිලධාරියෙක් රෝහලේ - වහාම ශල්‍යකර්මයකට