ගම්පහ අපරාධ අංශයේ OIC අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට
ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ නීති විරෝධී භාණ්ඩ තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව මතයි.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.