පොලිස් නිළධාරින් මේ නීතිය කැඩුවොත් ජොබ් එකත් ඉවරයි - පොලිස්පතිගෙන් නිවේදනයක්

Report

නව වසර උදාව සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වැනි විශේෂිත අවස්ථාවල දී පොලිස් සේවය තුළ ඇතැම් නිලධරයන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්ට සුභ පැතීමේ අංගයක් වශයෙන් තුටු පඬුරු (Hampers) පිරී නැමීම මෙන්ම ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධරයන් ඒවා භාර ගැනීම ද නිතර සිදු වේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක සඳහන් වේ.

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

එම ලිපිය පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරි සහ අධ්‍යක්‍ෂවරුන්, ප්‍රාදේශීයකොට්ඨාස භාර නිලධාරීන් ,දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් වෙතට යොමුකර තිබේ.

මේ අනුව මින් ඉදිරියට ඉහත සඳහන් අවස්ථාවල හෝ වෙනත් අවස්ථාවක කිසිඳු නිලධාරියෙක් විසින් පොලිස්පතිවරයාහට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට හෝ සුභ පැතීමේ අංගයක් වශයෙන් තුටු පඬුරු පිරි නැමීම සිදු නොකළ යුතු බවත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැන්නක් භාර ගැනීම ද සිදු නොකළ යුතු බවත් පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කළ එම ලිපියේ දන්වා තිබේ.

දේවස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරින් 2500ක්

දේවස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරින් 2500ක්

යම් නිලධාරියෙක්ට මෙවැනි විශේෂිත අවස්ථාවක පොලිස්පතිවරයාට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධරයක් සුභ පැතීම සඳහා අවශ්‍ය වන්නේ නම්, පුද්ගලිකව හමුවීම අවශ්‍ය නොවන අතර දුරකථනයෙන් ඇමතීම හෝ වටස්ඇප් (WhatsApp) මඟින් කෙටි පණිවුඩයක් යොමු කිරීම වැනි ක්‍රම වේදයක් ඔස්සේ සුභ පැතීම සිදු කළ හැකි බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉහත උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරනු ලබන නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට අදාළ අධි නිලධාරීන් විසින් කටයුතු කළ යුතු බව ද එම ලිපිය මඟින් දන්වා තිබේ.

එම උපදෙස් ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩල නිලධාරීන්ට ද අදාළ වේ.

විශේෂ මෙහෙයුමක් - දහස් ගණන් ආයුධ සොයාගනී

විශේෂ මෙහෙයුමක් - දහස් ගණන් ආයුධ සොයාගනී