සියලුම ඉන්ධන මිල ගණන් අඩු කරන බවට දැනුම්දීමක්..කරන විදිය මෙන්න.

Report

ඉන්ධන මිල ගණන් අඩු කරන්න යයි.

ජාතික ජන බලවේග රජයක් යටතේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන බව ජාතික ජන බලවේගයේ (NPP) නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටිනවා.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ලංකා බැංකුව සහ මහජන බැංකුව සමඟ ඩොලර් බිලියන 3 ක ණයක් තිබූ බවත්, එය භාණ්ඩාගාරය පවරා ගත් බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

වැසුණු පාසල් යළි විවෘත කිරීමට හදිසි තීරණයක්..

වැසුණු පාසල් යළි විවෘත කිරීමට හදිසි තීරණයක්..


එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ණය ගෙවීම සඳහා ඉන්ධන ලීටරයකට පාරිභෝගිකයින් ගෙන් රුපියල් 50ක් අය කිරීම ක්‍රියාත්මක කළ බවත්, මැතිවරණ රැලියක් අමතමින් දිසානායක සඳහන් කළේ ය.

මේ වන විට මෙම ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වුවද, ලීටරයකට රුපියල් 50ක් අය කිරීම තවදුරටත් මහජනතාව මත බර පටවා ඇති බවයි දිසානායක මහතා චෝදනා කරන්නේ.

අනුර කුමාර ජනපති වුණාම බැංකුව හරහා ජනතාවට ණය දෙන ක්‍රමය ගැන දැනුම්දීමක්..

අනුර කුමාර ජනපති වුණාම බැංකුව හරහා ජනතාවට ණය දෙන ක්‍රමය ගැන දැනුම්දීමක්..


එවන් තත්ත්වයක් තුළ NPP ආන්ඩුවක් සවිස්තරාත්මක සමාලෝචනයක් පවත්වා ඒ අනුව ඉන්ධන මිල අඩු කරන බවට ඔහු ජනතාවට සහතික වී තිබේ.