160 කින් ඉන්ධන මිල අඩු කළ හැකි බවට ප්‍රකාශයක්..පෙට්‍රල් ලීටරයක නව මිල 172ක්..ඩීසල් 147 ක් වෙයි.

Fuel Price In Sri Lanka Anura Kumara Dissanayaka Fuel Price In World
By Aruna Oct 02, 2024 05:28 AM GMT
Aruna

Aruna

Report

හිටපු ඇමකි කංචන විජේසේකර විසින් ම ඉන්ධන ලීටරයක බදු වලින් සාක්කුවට දමා ගන්නා බව පැවසූ රුපියල් 150ක් මෙවර ඉන්ධන මිල සංශෝධනයෙන් නැවැත්වූයේ නැත්තේ මන්දැයි සමගි වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප‍්‍රශ්ණ කර සිටිනවා.

රනිල් වික්‍රමසිංහ ගිය මඟ යමින් ජනතාවගෙන් ගසා කෑමේ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට නව පාලනයද කටයුතු කරමින් සිටින බවයි හෙතෙම අවධාරණය කළේ.

ඔවුන් විසින් පසුගිය කාලයක පැවසූ ආකාරයෙන් වහාම අවම රුපියල් පනහකින් ඉන්ධන මිල අඩු කළ යුතු බවද ආනන්ද පාලිත මහතා කියා සිටියේ ය.

හෝටල් කාමරයක දී සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමේ දී අධික රුධිර වහනයකින් 23 හැවිරිදි තරුණියකට සිදු වූ දේ.

හෝටල් කාමරයක දී සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමේ දී අධික රුධිර වහනයකින් 23 හැවිරිදි තරුණියකට සිදු වූ දේ.


කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින්  ඒ මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී.

‘ඉන්ධන මිල ගසා කෑමේ පසුගිය කංචන – රනිල් වික්‍රමසිංහ සූත්‍රයම ක්‍රියාත්මක වන්නේ අවමය රුපියල් බිලියන 110 වඩා ශුද්ධ ලාභයක් තෙල් සංස්ථාව ලබමින් සිටින මොහොතක.

ඒ අනුව රුපියල් 50ක් 92 න් ඉවත් කරලා, අසාධාරණව පනවා තිබෙන පරිපාලන වියදම් 04%ක ලාභාංශය ඉවත් කළොත් ගැටලුවකින් තොරව රුපියල් 62 සත 50කින් පළමුව පෙට්‍රල් ලීටරය අඩු විය යුතුයි.

එයට ඔබතුමන්ලා ගණනය කරලා තියෙන අඩු කළ හැකියි කියන ගසා කෑමේ ඊළඟ යටි මුදල වන රුපියල් 21ත් චක්ක ගත්තොත් රුපියල් 83සත 50කින් අඩු කරන්න පුළුවන් පෙට්‍රල් ලීටරය. ඒක අඩු කරලා නෑ. අඩු කරන්න ජනාධිපතිතුමනි.

විශාල ඉන්ධන මිල අඩු කිරීමක් එකවර ලබාදීමට ජනපති අනුර තීරණය නොකළ හේතුව මෙන්න..

විශාල ඉන්ධන මිල අඩු කිරීමක් එකවර ලබාදීමට ජනපති අනුර තීරණය නොකළ හේතුව මෙන්න..


ඊළඟට 95 පෙට්‍රල්, රුපියල් 86කින් අඩු කරන්න පුළුවන්. ඒක ඔබතුමන්ලා කරලා නෑ, වැදගත්ම දේ ඩීසල් ලීටරය.

ඒක රුපියල් 86කින් අඩු කරන්න පුළුවන්. ඔබතුමා පෙන්නපු සූත්‍රය අනුව, කංචනගේ සාක්කුවට රුපියල් 160ක් ගියා කියපු සුනිල් හඳුන්නෙත්ති මහත්මයා කියපු සූත්‍රය අනුව රුපියල් 86කින් අවමය අඩු කරන්න තිබුණේ.

එහෙනම් මේක මිල වැඩි කිරීමක් නෙවෙයි. කංවන රනිල් ගිය අඩි පාරේ අයි.එම්.එෆ්. කොන්දේසිත් නැතිව ඔබතුමා කිව්ව ආකාරයට ගසාකන රුපියල් 50 ඉවත් කළේ නැත්තේ ඇයි ජනාධිපතිතුමනි.

ඔබතුමන්ලාගේ සුනිල් හඳුන්නෙත්ති කිව්ව විදියට මේ රුපියල් 160 යන්නේ බලශක්ති ඇමතිගේ සාක්කුවටද?

එහෙම නැති නම් මේක හදපු අයගේ සාක්කුවටද?

එහෙම නැතිනම් මේ ආණ්ඩුව පාලනය කරන අයගේ සාක්කුවට ද? කියලා හෙළි කරන්න.

මේ ගහන්නේ වැඩබිමට. වහාම ඔබතුමා කිව්ව රුපියල් 50 අඩු කරන්න’

මහා ටයිල් වෙන්දේසියක්..ලාභය බෙදාගන්න ප්‍රබල කුමන්ත්‍රණයක්.

මහා ටයිල් වෙන්දේසියක්..ලාභය බෙදාගන්න ප්‍රබල කුමන්ත්‍රණයක්.


මේ අනුව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන ආකාරයට 160කින් ඉන්ධන මිල පහල දැමුවහොත් පෙට්‍රල් ලීටරයක නව මිල 172ක් වන අතර, ඩීසල් ලීටරයක නව මිල 147ක් වේ. 

160ක මිල එකවර අඩුවීමක් නොවී ඉන් බාගයක් හෝ අඩු වුවහොත් එය මෙරට පාරිභෝගික ජනතාවට විශාල සහනයකි.

මෙම ඉන්ධන මිල ගණන් අඩුකිරීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතා ද ප්‍රකාශ කළේ ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් ඉන්ධන මිල  සංශෝධනය කර ජනතාවට සහනයක් ලබාදීමට පියවර ගන්නා බවයි.