බදු නැතිව පෙට්‍රල් සහ ඩීසල් මිල රු150කට විකුණන්න පුළුවන්.

Fuel Price In Sri Lanka Anura Kumara Dissanayaka Uthaya Gammanpila AKD
By Wayomi Oct 08, 2024 08:39 AM GMT
Wayomi

Wayomi

Report

බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

රජයෙන් වැඩිකළ සහනාධාරය ලබන සඳුදාට ලැබෙන්නේ මෙහෙමයි.- රු. බිලියන 02 ක් ගැන අමාත්‍ය විජිත කී කතාව.

රජයෙන් වැඩිකළ සහනාධාරය ලබන සඳුදාට ලැබෙන්නේ මෙහෙමයි.- රු. බිලියන 02 ක් ගැන අමාත්‍ය විජිත කී කතාව.


එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,

"ජනාධිපතිතුමාත් වෙන්ඩ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාත් විපක්ෂයේ ඉන්න කාලයේ නිරතුරුව කිව්ව දෙයක් තමයි අසාධාරණ ලෙස බදු ගහලා නැතිනම් පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 150ට විකුණන්න පුළුවන් කියලා. ඛනිජතෙල් පනත අනුව බලශක්ති ඇමතිවරයා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය අරගෙන තමයි පෙට්‍රල් ඩීසල් මිල තීරණය කළ යුත්තේ.

අපි බලශක්ති ඇමති කාලයේ මිල සංශෝධනය කරන්න ඕනෑ වුණත් මුදල් ඇමතිවරයාගේ එකඟතාවය නැතිව ඒක කරන්න බැරි වුණා. දැන් එහෙම නෑ. මුදල් ඇමති ධූරය වගේම බලශක්ති ඇමති ධූරයත් දරන්නේ ජනපති අනුර කුමාර මැතිතුමා. ඒ නිසා බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.


ලෝකයේ සෑම රටකම තෙල් මත බදු අය කරන බවත් බදු ආදායමක් ලැබිය හැක්කේ ඛනිජතෙල්, දුම්වැටි, මත්පැන් සහ වාහන වැනි අනම්‍ය ඉල්ලුමක් තිබෙන භාණ්ඩ මත බදු අය කිරීමෙන් බවත් උසස් පෙලට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා දරුවන් පවා දන්නා කාරණයක්.

මේ බදු අසාධාරණ බවට මැතිවරණ වේදිකාවේ කියලා බලය ගත්තත් දැන් ඒ බදු ඉවත් කරන්නේ නැත්තේ ඇයි? ඒ බදු ඉවත් කරන්න බැරි බව දනිමින් ඒවා ගැන බලය ලබා ගන්න බොරු පොරොන්දු දීලා ජනතාව රැවැට්ටූ බවයි ඒකෙන් පේන්නේ."

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව අද ඩොලරයට සාපේක්ෂව රුපියලට සිදු වී ඇති දේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව අද ඩොලරයට සාපේක්ෂව රුපියලට සිදු වී ඇති දේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)