ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..
Fuel Price In Sri Lanka
Fuel Price In World
Latest Headlines
Decision Making
By krishani
ලංකාවේ මෙවර මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය සිදු වූයේ නොමැත.
නමුත් ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහත ගියේ ය.
එවන් පසුබිමක ලංකාවේ සියලු දෙනා බලාපොරොත්තු වූයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවේ යැයි යන්නයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.8 දක්වා පහත වැටීමෙන් වැඩි ප්රතිලාභ ලොව තුන්වැනි විශාලතම බොරතෙල් ආනයනකරු වන ඉන්දියාවට ලැබී තිබෙනවා.
ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
පසුගිය සතිය වන විට බොරතෙල් බැරලයක මිල මාස අටක කාලයක් තුළ ඩොලර් 4කින් පහත වැටී තිබෙනවා.
බ්‍රෙන්ට් මිල දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.08ක් විය.
එනම්, එය 3%ක අඩුවීමක් වේ.
කෙසේ වෙතත්, ටෙක්සාස් මිල දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.43ක් දක්වා පහත වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.