අනිද්දා තීරණාත්මකයි - ආයෙත් තෙල් නැති වෙයිද? ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රශ්ණයක්
ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් ඛනිජතෙල් බෙදුම්කරුවන්ට ලබාදෙන වට්ටම් මුදල් ඉහළ දැමීම ඇතුළු ඔවුන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කරමින් වෙත ලිපියක් යොමුකර ඇත.
එම සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු කියා සිටියේ සිය ඉල්ලීම්වලට අනිද්දා වන විට නිසි පිළිතුරක් ලබාදීමට කටයුතු නොකළහොත් ඛණිජතෙල් නීතිගත සංස්ථාව, අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බවයි.