පලතුරු මිලත් බහී.. මිල සටහන් වුණේ මෙන්න මෙහෙමයි..
By krishani
මේ වන විට පෑලියගොඩ මැනිං වෙළෙදපොළේ පලතුරු මිල අඩුවීමක් දක්නට ලැබෙයි.
ඒ අනුව පලතුරු මිලදී ගැනීමට පාරිභෝගිකයින් වැඩි වශයෙන් වෙළඳ සංකීර්ණය වෙත පැමිණෙන බවට වාර්තා වේ.
පලතුරු තොග මිල වශයෙන් ඊයේ සඳහන්ව ඇත්තේ,
සීනි කෙසෙල් තොග කිලෝවක් රුපියල් 100-120ක් ද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 200ක් ද, ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 60ක් ද, ඇම්බුන් කිලෝවක් රුපියල් 220ක් ද වශයෙන් ය.
එමෙන්ම, පුවාලු කිලෝවක් රුපියල් 100ක් ද, ආනමාලු කිලෝවක් රුපියල් 100ක් ලෙසට සඳහන් වේ.
කොමඩු කිලෝවක් රුපියල් 100ක් ද, අන්නාසි කිලෝවක් රුපියල් 450ක් ද, අල්පොන්සු අඹ කිලෝවක් රුපියල් 1200ක් ද, අලිගැටපේර කිලෝවක් රුපියල් 1000ක් ද වේ.
කෙසේ වෙතත්, ගස්ලබු කිලෝවක් රුපියල් 120ක් ද, දිවුල් කිලෝවක් රුපියල් 100ක් ද අලෙවි වූ බව සඳහන් වේ.