පොලිස් නිළධාරීන් 03කගේ වැඩ තහනම් වෙයි.. වෙලා තියෙන දෙය මෙන්න..
පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
ඒ පමුණුගම ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ය.
බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඊයේ (24) පස්වරුවේ විරෝධතාවයේ නිරත වී තිබෙනවා.
ඒ අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ය.
කෙසේ වෙතත්, පසුගිය ඉරිදා දින බෝපිටිය පමුණුගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන්මාලයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණ.