බලාගෙන මෙන්න මේ කෝල් එක ආවා කියන්නේ ඔයා වහාම පරිස්සම් වෙන්න ඕනේ..
පිටරටින් ලක්ෂ ගණන් වටිනා තෑගි පාර්සලයක් තමන්ගේ නමට ලැබී ඇති බවත් එය ගන්නාතුරු රඳවා තබාගැනීමට මුදල් ගෙවිය යුතු බවත්, ඒ සඳහා මුදල් තමන් ලබාදෙන බැංකු ගිණුමට දමන ලෙස පවසමින් වැන්දඹු කාන්තාවන් රවටා කාලයක් තිස්සේ කරගෙන ගිය මුදල් වංචාවක් රත්නපුර පොලීසියේ විශේෂ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙළිකර ගෙන තිබේ.
පොලීසිය මෙම සොරකම හෙළිකරගන්නා අවස්ථාව වනවිට කලක් තිස්සේ සිදු කළ වැන්දඹු කාන්තාවන් ඉලක්ක කර සිදුකර ඇති මෙම මුදල් වංචාව මඟින් සැකකරුවන් විසින් මුදල් ලක්ෂ 12 1/2 (දොළහමාරක මුදලක්) උපයාගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරුවන් උපයා ගත් මුදලින් රුපියල් 165,000ක් සොයාගෙන තිබේ.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු රත්නපුර කලවාන ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික දුරකතන සමාගමක සේවය කළ හිටපු ඔපරේටර්වරයකු බවත්, අත්අඩංගුවට ගෙන ඇති අනෙක් තිදෙනා කොළඹ අවට පදිංචිකරුවන් බව පවසන පොලීසිය, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට තිබෙන බවත් එම සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසයි.
පෞද්ගලික දුරකතන සමාගමක හිටපු ඔපරේටර්වරයකු මාර්ගයෙන් ලබාගත් තොරතුරු ඔස්සේ වැන්දඹු කාන්තාවන්ගේ ජංගම දුරකතනවලට කතාකර ඔවුන්ට විදේශ රටකින් ලක්ෂ ගණන් වටිනා ත්‍යාග පාර්සලයක් ලැබී ඇති බවත් එය ආපසු නොයවා රඳවා තබා ගැනීමට නම් මුදල් ගෙවිය යුතු බවත් වහාම තමන් ලබා දෙන ගිණුම් අංකයට මුදල් බැර කරන ලෙස (දමන ලෙස) මියගිය අයගේ හැඳුනුම්පත් අංකවලින් ලබාගත් සිම්පත් මඟින් කතාකර තම ගිණුමට මුදල් ගෙන්වාගෙන මෙම වංචාව සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිකරගෙන ඇත.
You may like this video