අම්මපා වයසේ හැටියටද වැඩ..බණක් දහමක් කරගෙන ඉන්න ඕන කාලේ කරලා තියන වැඩේ බලන්නකෝ..

Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka
By Piyumika Dec 03, 2024 06:11 AM GMT
Piyumika

Piyumika

Report

මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13ක් වටිනා ගමන් මල්ලක් කටුනායක ගුවන් තොටුපොළේ දී සොරාගත් ගෘහ සේවිකාවක් අද (03) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින්. දෙහිවල – කලුබෝවිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජාසින් නවාෂ් නමැති 34 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකු බවත් හෙතෙම නිරතුරුව ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශන සඳහා සහභාගී වීමට විදෙස්ගත වන්නෙකු බවත් හෙළිව තිබෙනවා.

අනේ ඉතින් ගමේ ඉන්න ඈයෝ ලස්සන කරන්න හිතන් ආපු තරුණයාට වෙච්චි දෙයක්..

අනේ ඉතින් ගමේ ඉන්න ඈයෝ ලස්සන කරන්න හිතන් ආපු තරුණයාට වෙච්චි දෙයක්..

මෙම ව්‍යාපාරිකයාට අයත් මැණික් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ලේඛන, හිස් මැණික් ඇසුරුම් පෙට්ටි, ව්‍යාපාරිකයාගේ ඇඳුම් පැළදුම්, සුවඳ විලවුන් ඇතුළු තවත් වටිනා භාණ්ඩ රාශියක් රුපියල් ලක්ෂ 06ක පමණ වටිනාකමින් යුත් ගමන් බෑගයෙහි තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ඉකුත් 28 වැනි දින අලුයම 03.00ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 632 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. එහිදී ඔහු රැගෙන ආ ගමන් මළු දෙකෙන් එකක්, ගමන් මළු පථයේ දී අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

සුනඛයකු මුහුදු වෙරළේ ඇදගෙන ගිය දේ දැකලා කට්ටියට උන් හිටි තැනුත් අමතක වෙලා..අනේ දෙවියනේ මොන අපරාධයක්ද..(VIDEO)

සුනඛයකු මුහුදු වෙරළේ ඇදගෙන ගිය දේ දැකලා කට්ටියට උන් හිටි තැනුත් අමතක වෙලා..අනේ දෙවියනේ මොන අපරාධයක්ද..(VIDEO)

ඔහු මේ පිළිබඳ කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත පැමිණිලි කර තිබූ අතර, ඔවුන් මෙම ගමන් මල්ල පිළිබඳ තොරතුරු මාසයක කාලයකින් මෙම ව්‍යාපාරිකයාට ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ මෙම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ සිය පැමිණිල්ල ඉදිරිපත් කළ අතර, වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර, මෙම ගමන් මල්ල සොරා ගෙන ගිය කාන්තාව හඳුනා ගැනීමට සමත් වී තිබුණා.

සැකකාරිණිය හෙම්මාතගම – පෙතිගම්මන ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.මානෙල් චන්ද්‍රලතා නමැති 56 හැවිරිදි ගෘහ සේවිකාවක වන අතර, ඇය ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

රටේ සහල් හිඟයක් මවන්න දගලන අයට වැඩ වරදි..රජය කරන්න යන වැඩේ මෙන්න..

රටේ සහල් හිඟයක් මවන්න දගලන අයට වැඩ වරදි..රජය කරන්න යන වැඩේ මෙන්න..

සැකකාරිණිය සොයා ගිය ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන්, ඇයගේ නිවසෙහි තිබී රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක් වටිනා භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් ගෘහ සේවිකාවකගෙන් මේ පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී තමන් විසින් මෙම ගමන් මල්ල ගිනි තබා විනාශ කළ බව පොලිසිය හමුවේ ප්‍රකාශ කෙරුණා.

මෙසේ අත්අඩංගුවට ගත් ගෘහ සේවිකාව සමග බඩුබාහිරාදිය අද (03) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

You may like this video


ReeCha