දැඩි කොන්දේසි මත හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට ඇප

Report

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීරට අද (30) දින ඇප නියමකර ඇත.

ඒ ගම්පහ මහාධිකරණයේ නියෝගයකට අනුව බව සඳහන්.

අද (30) දින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ඇප අයදුම නැවත සළකා බැලුනේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි චෝදනා යටතේයි.

ඒ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයේදී කරුණු දක්වා සිටීමෙන් අනතුරුවයි.

අධිකරණයෙන් සතීෂ් ගමගේට ඇප

අධිකරණයෙන් සතීෂ් ගමගේට ඇප

අඳාළ කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට පියවර ගෙන ඇත.

එසේම ඒ එක් එක් අය වෙනුවෙන් ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් බැගින් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදු කළ යුතු බව නියෝග කර තිබෙනවා.

තවද සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බව අඳාළ ඇප කොන්දේසි අතර වේ.  

ලොකු ප්‍රශ්ණයක් - අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරන හැංගිලාලු

ලොකු ප්‍රශ්ණයක් - අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරන හැංගිලාලු

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා