හිටපු ජනපති මහින්ද යළි කොළඹට එයි
හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ යළි කොළඹ නුවර ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ඇති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කර තිබේ.
ඔහු සතියකට පමණ පෙර නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි එම නිවසට පැමිණ ඇති අතර, මෙය දේශපාලන කටයුතු සිදු කිරීමේ සහ අවශ්‍ය වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් මත පැමිණ ඇති බව සඳහන්.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු, හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ නිවාස සහ පහසුකම් ඇතුළු කිහිපයක් අහෝසි කර තිබේ.
ඒ අනුව, කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි රජයේ නිල නිවසෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සැප්තැම්බර් 11 වැනි දා පිටත් වී, කාලයක් තංගල්ලේ කාල්ටන් නිවසේ සිටියේය.
පසුගිය සතියේ ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට යළි පැමිණ ඇති බවද මනෝජ් ගමගේ ප්‍රකාශයේ සඳහන් වේ.