මන්ත්‍රීවරියකට ලිංගික අතවර කරලා - සැකකරුගෙ නීතිඥයාගෙන් උසාවියට වෙනස්ම හෙළිදරව්වක්
ප්‍රාදේශීය දේශපාලඥවරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ ඇයගේ හිටපු පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ශරීර ඇප මත මුදා හැරීමට කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කර ඇත.
ඒ අනුව මෙසේ ඇප නියම වූයේ හමුදා කෝප්‍රල්වරයෙකු වශයෙන් සේවය කර ඇති බෝගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බෝගමුව පොලිසිය පැවසුවේ සැකකරු අදාළ දේශපාලනඥවරියගේ නිවසට අනවසරයෙන් ඇතුළු වී ඇයට ලිංගික අතවර කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි.
එසේම මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින්, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව තම සේවාදායකයා සහ පැමිණිලිකාරිය අතර කලක සිට රහස් ප්‍රේම සබඳතාවක් පැවති බවත්, සිද්ධිය වූ දිනයේ ඔහු එම නිවසට ගොස් ඇත්තේ ඇයගේම ආරාධනයකට අනුව බවත් නීතිඥවරයා පැහැදිලි කර ඇත.
එහෙත් ඔවුන් දෙදෙනා නිවසේ රැඳී සිටින අතරතුරදී පැමිණිලිකාරියගේ ස්වාමිපුරුෂයා හදිසියේම එහි පැමිණ ඇති බැවින් එම අවස්ථාවේදී තමා නිර්දෝෂී බව සැමියාට පෙන්වීමට ඇය මෙම ලිංගික අතවර චෝදනාව අභූත ලෙස ගොතා ඇති බව විත්තියේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙහිදී අධිකරණ තීන්දුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරු රිමාන්ඩ් කරන මෙන් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුව ඇප මත මුදා හැරීමට තීරණය කර තිබෙනවා.