ගංවතුර අනතුරු ඇඟවීමක් - අත්තනගලු ඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කෙරේ
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට සහ ඇහැලියගොඩ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මකයි.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, ඉංගිරිය සහ පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.