ජනතාව අවදානමක.. පාරවලුත් වැසෙයි?. ඉදිරි පැය 24 ගැන මේ දැන් කළ අනතුරු අඟවීමක් මෙන්න..
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.
ඒ පවතින වැසි තත්වයත් සමඟයි.
ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා රියදුරන් ද අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.