දිට්වා නිසා කුඹුරු හෙක්ටයාර් 11,200ක් යළි වගා කාරන්න බෑ
“දිට්වා“ සුළි කුණාටුව නිසා මහ කන්නයේ වී වගා කරන ලද කුඹුරු ඉඩම්වලින් දළ වශයෙන් හෙක්ටයාර් 11,200 ක නැවත වගා කිරීමට නොහැකි බව තහවුරු වේ.
ඒ අනුව 2025/26 මහ කන්නේ වී වගා ඉලක්කය හෙක්ටයාර් 869,622 ක් වන අතර, සුළි කුණාටුවේ බලපෑමෙන් හෙක්ටයාර් 620,136 ක වගා කර තිබේ.
මෙම ඉඩම්වලින් හෙක්ටයාර් 106,293 කට ආපදා තත්ත්වයෙන් හානි සිදුවී තිබේ.
ඒ අතර නැවත වගා කළ හැකි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 95,000 ක් වන අතර, එය සියයට 90ක් ලෙස අමාත්‍යාංශය සදහන් කරයි.
ඉකුත් නොවැම්බර් මස 28 වනවිට වගා කර නොතිබූ කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 249,486 ක් වන අතර, එම වගා නොකළ වපසරියෙන් හෙක්ටයාර් 2,039 ක් ආපදා තත්ත්වයෙන් හානියට පත්වී ඇත.
වගා හානි පිළිබඳ තවදුරටත් තොරතුරු එකතු කරමින් පවතින බැවින්, ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වගා හානි සම්බන්ධ ඉල්ලුම් පත්‍ර මෙවර 15 වැනිදාට පෙර ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට බාර දීමටයැයි. මේ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග සඳහන් කළා.