රටම බලන් හිටපු 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ජනපති අනුර සමඟ ඇරඹුණේ මෙහෙමයි. - නව කතානායකගේ පැටිකිරි මෙන්න..(UPDATE) - (LIVE VIDEO)

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Government Of Sri Lanka Parliament Election 2024
By Wayomi Nov 21, 2024 04:30 AM GMT
Wayomi

Wayomi

Report

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවලගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කරනු ලැබුවා.

ඒ අනුව ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් අශෝක රංවල මහතා කථානායකවරයා ලෙස නම් කෙරුණු අතර ඔහු මනාප 109,332ක් ලබා ගනිමින් 2024 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබුවා.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගෙන ඇති ඔහු රසායනික ඉංජිනේරුවරයෙකි.

රංවල මහතා ලංකා ඛනිජතෙල් සංස්ථාවේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය කර ඇත.

...........................UPDATE.....................................................................

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙලෙස පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය.

කතානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇත.

මෙරට අධ්‍යාපනයේ විශේෂ වෙනසක්. - අගමැති හරිනිගෙන් විශේෂ ප්‍රකාශයක්.

මෙරට අධ්‍යාපනයේ විශේෂ වෙනසක්. - අගමැති හරිනිගෙන් විශේෂ ප්‍රකාශයක්.

මෙහිදී පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සදහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වේ.

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පෙරවරු 11.00 පමණ වන විට සියලු ආරාධිතයින් අසුන් ගැනීමට නියමිත අතර පෙරවරු 11.10ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී කතානායකවරයා පිළිගැනිමට නියමිතව ඇත.

පෙරවරු 11.20ට කතානායකවරයා හා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙල අසල දී ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමට නියමිතව තිබෙනවා.   

හිටපු අමාත්‍යවරු හරීන්, රමේෂ්, ප්‍රසන්න සහ රොෂාන් CIDයට කැඳවයි. හිටපු ජනපති සහ අගමැති දිනේෂ්ට වෙන්න යන දේ මෙන්න.

හිටපු අමාත්‍යවරු හරීන්, රමේෂ්, ප්‍රසන්න සහ රොෂාන් CIDයට කැඳවයි. හිටපු ජනපති සහ අගමැති දිනේෂ්ට වෙන්න යන දේ මෙන්න.

 


 


ReeCha