විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පළමු වරට විශේෂ මහජන දිනයක්

Report

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මහජනතාව මුහුණපා සිටින ගැටලු හා දුක්ගැනවිලි සෘජුව ඉදිරිපත් කර, ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් ලබාගැනීමට අවස්ථාව සලසමින් විශේෂ මහජන දිනයක් පවත්වා තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන දිනය ඊයේ (17) කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම අවශ්‍ය වන ගැටලු සඳහා කඩිනම් අවධානය යොමු කරමින් විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.

එහිදී මහජනතාව, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් තමන් මුහුණපා සිටින විවිධ ගැටලු හා දුක්ගැනවිලි නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සෘජුව ඉදිරිපත් කර ඇත.

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අදාළ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් වැටුප් හා ලේඛන භාර නිලධාරීන්, යුද්ධ හමුදා රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය භාර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

මහජනතාව සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරමින් විසඳුම් ලබාදීමට අදාළ නිලධාරීන් සහාය වී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ගැටලු ඉදිරිපත් කරන අවස්ථාවේදීම අදාළ නිලධාරීන්ගේ මැදිහත්වීම ලබාදී හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමේ අරමුණින් මෙවැනි වැඩසටහනක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය බවයි.   

ළමා නිවාසවල දරුවන්ගේ බැංකු ගිණුම්වලට මාසිකව රුපියල් 5,000ක් - රජයෙන් අගනා වැඩපිළිවෙළක්

ළමා නිවාසවල දරුවන්ගේ බැංකු ගිණුම්වලට මාසිකව රුපියල් 5,000ක් - රජයෙන් අගනා වැඩපිළිවෙළක්

රජයෙන් සුබ ආරංචියක් - මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

රජයෙන් සුබ ආරංචියක් - මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට