"අපි දැන් තුන්දෙනෙක්" විවාහයෙන් දවස් 39කට පස්සේ රශ්මිකා කියපු සුබ ආරංචියෙන් ලෝකෙම රසිකයෝ කුතුහලෙන්[VIDEO]

Report

මෑතකදී ලෝකෙම අවධානය දිනා ගනිමින් විවාහ දිවියට එළඹුණු දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතාබහක් ඇති වෙලා.

ඒ ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරපු අපූරු සටහනක් හේතුවෙන්.

"අපි දැන් තුන්දෙනෙක්" (We are now three) කියලා ඇය දාපු මේ සටහනත් එක්ක ලොව පුරා සිටින රසිකයෝ අතර ලොකු කුතුහලයක් වගේම කලබලයකුත් ඇති වෙන්න ගියේ පොඩි වෙලාවයි.

පුංචි පැංචිගේ සෙනෙහෙ පිරුණු අපූරු කැදැල්ල

පුංචි පැංචිගේ සෙනෙහෙ පිරුණු අපූරු කැදැල්ල

එහි ප්‍රතිඵලයක් විදිහට මේ ලැබුණු "සුබ ආරංචිය" ගැන හැමෝම එක එක කතා හදන්න ගත්තේ විනාඩි කිහිපයක් ඇතුළතයි.

ඒ වගේම රශ්මිකාගේ මේ සටහනට පැය කිහිපයක් ඇතුළත සුබ පැතුම් වැස්සක් ලැබුණු අතර, බොහෝ දෙනෙක් හිතුවේ මේ යුවළගේ ජීවිතයට අලුත් අමුත්තෙක් එන්න යනවා කියලයි.

ඒත් වුණේ නොහිතපු දෙයක්. ඇත්තටම මේ රශ්මිකා කියපු "තුන්වැන්නා" වුණේ රශ්මිකා සහ විජේ සමඟ ඉන්න ලස්සන Animation වීඩියෝ එකක්.

එහි ඔවුන් දෙන්නාට අමතරව සිටින "රූ" (Roo) නමින් හඳුන්වන ඩිජිටල් සූරියකාන්ත චරිතයක්.

උසස් පෙළ සමතුන් අතරේ රටම පුදුම කළ තවත් විශිෂ්ටයෙක් - ජීවිතේ රෝද පුටුවටම සීමා වෙන්න නොදී අලුතින් ලියූ සවිත්

උසස් පෙළ සමතුන් අතරේ රටම පුදුම කළ තවත් විශිෂ්ටයෙක් - ජීවිතේ රෝද පුටුවටම සීමා වෙන්න නොදී අලුතින් ලියූ සවිත්

රශ්මිකා කාලයක ඉඳන්ම Animation කලාවට තියෙන ඇල්ම නිසා නිර්මාණය කරපු මේ "රූ" කියන චරිතය හරහා ඇය උත්සාහ කරන්නේ ලෝකයට ධනාත්මක සහ ආදර්ශමත් පණිවුඩ ලබා දෙන්න කියලා තමයි ආරංචිය යන්නේ.

කොහොම වුණත් මෙතෙක් කල් "රශ්මිකා සහ රූ" විදිහට තිබුණු මේ ඩිජිටල් කතන්දර පෙළට දැන් විජේ දේවරකොන්ඩාගේ චරිතයත් එකතු වෙලා තියෙනවා.

ඉතින් රශ්මිකා "අපි දැන් තුන්දෙනෙක්" කියලා සටහන් කළේ මේ නිර්මාණාත්මක වැඩේට දැන් විජේවත් හවුල් කරගත්තා කියන අදහසින් බව මේ වෙනකොට රසිකයන්ට තේරුම් ගිහින් තියෙනවා.

මොනවා වුණත් රශ්මිකාගේ මේ අපූරු ප්‍රචාරණ උපක්‍රමය නිසා දැන් මුළු ඉන්දියාවම ආයෙත් රශ්මිකා-විජේ කියන නම් දෙක ඇහෙන්න පටන් අරන්.

අද දවසේ මේ අය සංවේදී බවින් වැඩි‍ නිසා තීරණ ගද්දි හොඳින් සිතා බලන්න - ලග්න පලාපල ගැන සවිස්තර විස්තරයක් මෙන්න

අද දවසේ මේ අය සංවේදී බවින් වැඩි‍ නිසා තීරණ ගද්දි හොඳින් සිතා බලන්න - ලග්න පලාපල ගැන සවිස්තර විස්තරයක් මෙන්න