ඉන්දුනීසියාවේ බිහිසුණු අනතුරක් - 5 දෙනෙක් ජීවිතක්ෂයට 8කට තුවාල
By Kaushi
ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ දී වෑන් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් චීන සංචාරකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි.
එම වෑන් රථය රියදුරුට පාලන කර ගැනීමට නොහැකිව පෙරළි යාමෙන් අනතුර සිදුව ඇති බව එරට ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
මේ අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.