තලාවේ තවත් බිහිසුණු අනතුරක්
තලාව සුනාමි හන්දි අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අනතුරෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව සඳහන්.
මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම නැවත අනුරාධපුර දෙසට ප්රධාන මාර්ගයෙන් යූ ටර්න් එකක් ගැනීම නිසා පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් බව වාර්තා වේ.
එසේම මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය මඟින් සිදුකරන බව සඳහන්.