දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අද (24) දින සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ මෙම අනතුර කොළඹ සිට මත්තල දෙසට ධාවනය වූ මෝටර් රථයක් වම්පස ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළී යාමෙන් සිදුව ඇති බවයි.

එසේම අනතුරින් මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.

තවත් ලොක්කෙක්ගේ වාහනයකින් අනතුරක් - හප්පලා පලා ගිය රියදුරුව ප්‍රදේශවාසීන් වටකළ පසු අත්අඩංගුවට

තවත් ලොක්කෙක්ගේ වාහනයකින් අනතුරක් - හප්පලා පලා ගිය රියදුරුව ප්‍රදේශවාසීන් වටකළ පසු අත්අඩංගුවට

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 30 සහ 36 වයසේ දෙදෙනෙකු වන අතර ඔවුන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ රියදුරට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පින්නදූව රථවාහන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

බස් දෙකක් ගැටී දරුණු අනතුරක්

බස් දෙකක් ගැටී දරුණු අනතුරක්

ගුවන් ගමන් 8,000ක් අවලංගු කර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - භයානක අනතුරු ඇඟවීමක්

ගුවන් ගමන් 8,000ක් අවලංගු කර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - භයානක අනතුරු ඇඟවීමක්