තවත් ලොක්කෙක්ගේ වාහනයකින් අනතුරක් - හප්පලා පලා ගිය රියදුරුව ප්රදේශවාසීන් වටකළ පසු අත්අඩංගුවට
අනතුරක් සිදු කර පලා යමින් සිටි මැදිරිගිරිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයාට අයත් කැබ් රථය සහ එහි රියදුරු මැදිරිගිරිය පොලිසිය මඟින් සිය භාරයට ගෙන ඇත.
ඒ අනුව අද (24) දින දහවල් මැදිරිගිරිය මීගස් වැව මාර්ගයේ දී, අදාළ කැබ් රථය යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරෙන් යතුරුපැදිකරුගේ පාදයට දැඩිව හානි සිදුව ඇති අතර ප්රදේශවාසීන් එක්ව ඔහුව මැදිරිගිරිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර අනතුර සිදුවීමෙන් පසුව කැබ් රථයේ නොනවත්වා ධාවනය කර ඇති අතර මැදිරිගිරිය දියසෙන්පුර නගරයේදී ප්රදේශවාසීන් එක්ව කැබ් රථය නවත්වා රියදුරුට පහරදීමක් ද සිදුකර ඇති බව පවසයි. ඉන්පසු රියදුරු එම ස්ථානයෙන් පලාගොස් මැදිරිගිරිය පොලීසිය වෙත භාර වී තිබෙනවා.
ඒ අනුව මෙසේ අනතුරට පත්වී ඇත්තේ වයස අවුරුදු 71 වන මහතලාකොළවැව යාය 07 ප්රදේශයේ පදිංචි තිදරු පියෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය සහ මීගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන්ය බව සඳහන්.