බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මියගිය මගීන් සිව් දෙනෙකුගේ පවුල්වලින් සමාගම්වලට නඩු

Report

ලොවම කම්පා වූ ඛේදජනක ගුවන් අනතුරකට මුහුණ දුන් එයාර් ඉන්දියා ගුවන් යානයේ මගීන් සිව් දෙනෙකුගේ පවුල් විසින් ගුවන් යානා නිෂ්පාදක බෝයිං (Boeing) සහ ගුවන් යානා කොටස් නිෂ්පාදක හනීවෙල් (Honeywell) සමාගම්වලට විරුද්ධව ඇමරිකාවේදී නඩු පවරා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම පවුල් චෝදනා කරන්නේ, ගුවන් යානයේ අක්‍රිය ඉන්ධන ස්විචයන් නිසා අනතුර සිදුවූ බවත්, සමාගම් දෙකම අවදානම් ගැන දැන සිටියද කිසිවක් නොකළ බවත් ය.

එසේම ඔවුන් වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ සමාගම්වල නොසැලකිලිමත්කම මෙම අනතුරට හේතු වූ බව කියමින්.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ඉකුත් 2025 ජුනි මාසයේදී ලන්ඩන් වෙත පියාසර කිරීමට නියමිතව තිබූ, එයාර් ඉන්දියා 171 දරණ බෝයිං 787 ගුවන් යානය, අහමදාබාද් (Ahmedabad) ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ මොහොතින් පසු කඩා වැටීමෙන් අනතුරුව පුද්ගලයන් 260 ක් ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර එහි මූලික පරීක්ෂණවලදී ගුවන් යානය ගුවන් ගත වූ විගස එන්ජින්වලට යන ඉන්ධන සැපයුම කපා හැරී තිබෙන බව හෙළි වී තිබෙනවා.

තවද ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) මූලික වාර්තාවේ සඳහන් ලෙස ඉන්ධන ස්විචය run යන ස්ථානයේ සිට cut-off යන ස්ථානයට මාරු වී ඇති අතර, එමගින් ගුවන් යානයේ තෙරපුමට බාධා වී ඇති බවත් පවසයි.

කෙසේ වෙතත් ලොවක් ලම්පා කළ මෙම බිහිසුණු අනතුරෙන් අහිමි වූ ජීවිත වෙනුවෙන් නීතියේ සාධාරණත්වය ඉටු වනු දැකීම සියලු දෙනාගේ බලාපොරොත්තුවයි.

තවත් ලොක්කෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න

තවත් ලොක්කෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න

ලංකාවේ ප්‍රවීණ නිළි සබීතාටයි සැමියාටයි නඩු

ලංකාවේ ප්‍රවීණ නිළි සබීතාටයි සැමියාටයි නඩු