සුළු මොහොතකට පෙර ගෑස් මිල පහළට - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ

Report

 ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර ඇත්තේ අද (3) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,465කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 118කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,792ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් පහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 835කි.

කොළඹ ඇතුළු ප්‍රදේශ 20කට ජල සැපයුම අත්හිටුවයි - පැය 12කට විදුලියත් විසන්ධි වීමේ අවදානමක්

කොළඹ ඇතුළු ප්‍රදේශ 20කට ජල සැපයුම අත්හිටුවයි - පැය 12කට විදුලියත් විසන්ධි වීමේ අවදානමක්