ඊයේ 20යි 20 තරගයෙන් එක් කණ්ඩායමකට එරෙහිව පිතිකරුවෙක් ශතක 03ක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් තබයි..

Report

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තරග ඉතිහාසය තුළ එක් කණ්ඩායමකට එරෙහිව ශතක තුනක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්ත පිතිකරු ෆිල් සෝල්ට්ට හැකියාව ලැබී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ (09) පැවති තරගයේ දී ශතකයක් වාර්තා කිරීමත් සමඟ ෆිල් සෝල්ට් මෙම වාර්තාව තම නම ඉදිරියේ ලියාගන්නට හැකිවීම විශේෂත්වයක්.

දුම්රිය දෙකක් අතර සිරවූ දුම්රිය සහායකයා..සංවේදී දර්ශන සහිතයි.ලොවම කම්පා කළ සිදු වීම මෙන්න.(VIDEO/PHOTOS)

දුම්රිය දෙකක් අතර සිරවූ දුම්රිය සහායකයා..සංවේදී දර්ශන සහිතයි.ලොවම කම්පා කළ සිදු වීම මෙන්න.(VIDEO/PHOTOS)


ඊයේ තරගයේ දී ෆිල් සෝල්ට් පන්දු 54කට මුහුණ දී ලකුණු 103ක් නොදැවී රැස්කරගනිමින් එංගලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ඔහුගේ පළමු විස්සයි විස්ස ශතකය 2023 වසරේ දෙසැම්බර් 16 වනදා ශාන්ත ජෝර්ජ්හිදී කොදෙව් කණ්ඩායම එරෙහිව ලබාගනු ලැබීය.

එහිදී ෆිල් සෝල්ට් පන්දු 56කදී නොදැවී ලකුණු 109ක් රැස්කළ අතර, ඔහුගේ දෙවන විස්සයි විස්ස ශතකය ද කොදෙව්වන්ට එරෙහිව රැස් කිරීමට සමත්වීම විශේෂත්වයක්.

2023 වසරේ දෙසැම්බර් 19 වනදා ටුරූබා හිදී පන්දු 57 කදී ලකුණු 119ක් රැස් කිරීමට ඔහුට හැකියාව ලැබිණ.

මත් පැන් සම්බන්ධයෙන් අවසන් නිවේදනයක් නිකුත් කරයි..ආණ්ඩුව ගත් විශේෂ තීරණය මෙන්න.

මත් පැන් සම්බන්ධයෙන් අවසන් නිවේදනයක් නිකුත් කරයි..ආණ්ඩුව ගත් විශේෂ තීරණය මෙන්න.


බ්‍රිජ්ටවුන් හිදී ඔහු තුන්වන ශතකය ඊයේ (09) කොදෙව්වන්ට එරෙහිහ රැස් කිරීමට සමත් විය.

පළමු තරගයෙන් කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්, බටහිර ඉන්දීය කොදෙව් පිළට එරෙහිව එංගලන්තය තරග පහකින් සමන්විත 20-20 තරගාවලිය ඊයේ ආරම්භ කළා.