එංගලන්ත පිල ලකුණු 156ට සීමා වේ ...
By Parami Dissanayake
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිලේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 156ක් පමණී.
ජේමි ස්මිත් එංගලන්ත පිල වෙනුවෙන් පන්දු 50කදි ලකුණු 67ක් රැස්කර ගැනීමට සමත් විය. එමෙන් ම,ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
විශ්ව ප්‍රනාන්දු දවා ගත් කඩුළු සංඛ්‍යාව 3ක් වන අතර අසිත ප්‍රනාන්දු කඩුළු 2ක් දවාගත්තේ ය.
මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් එංගලන්තය ලකුණු 325ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා රැස්කර ගත්තේ ලකුණු 263ක් පමණීයි.
ඒ අනුව, මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිල ලකුණු 219ක් රැස්කර ගත යුතු වේ.