ලබන එකොලොස්වනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...
By Parami Dissanayake
ලබන 11 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා
ඒ අනුව එහිදී රුපියල් මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතව ඇත.
මෙම භාණ්ඩාගාර බිල්පත් දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇත.