ප්‍රේක්ෂකයන් කම්පනයට - ලෝක කුසලානයෙන් ඕස්ට්‍රේලියාව ඉවතට

Report

වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට යාමට ඕස්ට්‍රේලියාවට සිදු වී ඇත.

අද (17) පැවත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ-අයර්ලන්තය අතර තරගය ජය පැරදුමකින් තොරව අතිහිටුවීමට කටයුතු කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. වර්ෂාව හේතුවෙන් අද පල්ලෙකැලේ හිදී පැවැත්වීමට නියමිතව තිබු එම තරගය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, එම කණ්ඩායම් දෙකකටම ප්‍රසාද ලකුණ බැගින් පිරිනැමීමත් සමඟ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

ක්‍රීඩා ලෝලීන්ට ටිකට් පත් ගැන දැනුවත් කිරීමක් , T20 ලෝක කුසලානයේ සුපිරි 8 තරඟ කාල සටහන මෙන්න

ක්‍රීඩා ලෝලීන්ට ටිකට් පත් ගැන දැනුවත් කිරීමක් , T20 ලෝක කුසලානයේ සුපිරි 8 තරඟ කාල සටහන මෙන්න