ගල් අඟුරු අර්බුදය මැද බලශක්ති ඇමැතිගෙන් තීරණාත්මක කතාවක්
ගල් අඟුරු මගින් විදුලි නිෂ්පාදනය අඩු කළ ද ප්‍රමාණවත් පරිදි ජල විදුලි උත්පාදනය සිදුකරන බැවින් විදුලි සැපයුමට බාධාවක් එල්ල වී නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ ගල් අඟුරු සංචිත අවමවීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා කිරිමට පියවර ගෙන ඇති බවයි.
ගල් අඟුරු නෞකා දෙකක් ඉදිරියේ දී දිවයිනට ළඟාවීමට නියමිත අතර ඉන් පළමු නෞකාව හෙට (04) පැමිණීමට නියමිතව තිබේ. අනෙක් නෞකාව ලබන 12වන දින දිවයිනට ළඟාවීමට නියමිත අතර අදාළ නෞකාවල ගල් අඟුරු ගොඩබෑමෙන් පසු නිසි පරිදි ගල් අඟුරු මගින් විදුලි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව අනුර කරුණාතිලක අමාත්‍යවරයා සදහන් කර තිබේ
පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත. කෙසේවෙතත් ගල් අගුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වන විට විදුලි උත්පාදන කටයුතු බරපතළ ගැටලුවකට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා තිබේ.
ඉදිරියේ දී විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා මෙම අදහස් පළ කර ඇත.