මේ දෙය ගැන දැනුවත් ද?. වසා තැබීමක් ගැන ජනතාවට කළ දැනුම්දීම මෙන්න.
By krishani
අද (19) රාත්‍රි 8.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි වසා දමා තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.
ඒ අනුව එම මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් සඳහන් කළේ ය.
මේ අතර, මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බවට වාර්තා වේ.
අධික වර්ෂාවත් සමඟ මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල පවුල් මෙලෙස පිඩාවට පත්ව තිබෙනවා.
මෙයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ වේ.
කෙසේ වෙතත්, එහි ග්‍රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගලෙන් 18497 ක පිරිසක් බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.