මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)
මහජන බැංකුව විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ නොදන්නා links මත click කිරිමට පෙර දෙවරක් සිතන්න යනුවෙන් ය.
වංචාකරුවන් විසින් ඔබගේ මුරපද,බැංකු ගිණුම් හා කාඩ්පත් තොරතුරු සහ අනෙකුත් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සදහා මෙවැනි සමාජ මාධ්‍ය, වෙබ් අඩවි, WhatsApp, Viber, Imo වැනි මාර්ගගත පණිවුඩ හුවමාරු ක්‍රම, ඊමේල් සහ කෙටි පණිවිඩ හරහා එවනු ලබන Links භාවිතා කරනු ලබයි.
ඒ හරහා ඔවුන් ඔබේ Online Banking සහ කාඩ්පත් තොරතුරු වෙත ප්‍රවේශය ලබා ගනිමින් මුදල් සොරකම් කරයි.
එබැවින් Links click කිරීමට හෝ ඇමුණුම් විවෘත කිරීමට ඔබව පොළඹවන නානාවිද පණිවිඩ හෝ ඊමේල් ගැන ප්‍රවේශමෙන් කටයුතු කරන මෙන් මහජන බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින්,
