බලවතෙක් පොලිස් නිලධාරියෙක්ව මරා දාලා

Report

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ, දෙහිඅත්තකණ්ඩිය වලස්ගල කැලෑ ප්‍රදේශයේ දී එම වනඅලි ප්‍රහාරය එල්ල වී ඇති බවය.

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

වනඅලි පහරදීමෙන් තුවාල ලබා මාර්ගයේ ඇදවැටී සිටි අදාළ පුද්ගලයා එම මාර්ගයේ ගමන් කළ බස් රථයක් මඟින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ටෙහෙරාන් අගනුවරින් ඉවත් වන්න - ට්‍රම්ප් දැනුම් දෙයි

ටෙහෙරාන් අගනුවරින් ඉවත් වන්න - ට්‍රම්ප් දැනුම් දෙයි

මියගොස් ඇත්තේ 53 හැවිරිදි වීරලන්ද, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු දෙහිඅත්තකණ්ඩිය පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකු බව සඳහන්ය.

ඔහු රාජකාරී සඳහා පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.