ඔන්න මාධ්‍ය ආයතන අතේ තමා වැඩේ තියෙන්නේ. - මෙන්න මේ නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ.(UPDATE)

Election Commission of Sri Lanka Sri Lanka Presidential Election 2024 srilanka election 2024 sriLankaelectionupdates
By Wayomi Sep 12, 2024 01:07 PM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (12) ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී අද පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයේදීයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.


මේ අනුව මාධ්‍ය ආයතනයක් මැතිවරණ කොමිසම දෙන උපදෙස්වලට එරෙහිව කටයුතු කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට පෙර කළ හැකි පියවර ඕනෑ තරම් ඇති බවත් එහිදී කොමිසම පවත්වන මාධ්‍ය හමුවලින් ඉවත්කිරීම, තොරතුරු නොදීම සහ ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම වැනි පියවර අනුගමන කළ හැකි බවත් රත්නායක මහතා සඳහන් කළා.

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන සම්බන්ධ ගැටලු ඇති මාධ්‍ය ආයතන ප්‍රධානීන් පස්දෙනෙක් කොමිසමට කැඳවා උපදෙස් දුන් බවත් එහිදී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම නොව මෙහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුත් කළ බවත් ඔහු පැවසුවා.

"මාධ්‍ය උපමානවලට සාමාජ මාධ්‍ය ඇතුළත් කරලා තිබුණත් සමාජ මාධ්‍ය නීතිවලට ඇවිත් නැහැ. අපි කරන්නේ පුළුවන් තරම් ශක්තිය දාලා සිද්ධවෙන ඒවා නතර කරන්න. අනෙක් මාධ්‍යවලටත් ඒකම තමයි. නඩු දානවා... අරවා මේවා කරනවා කියලා මං කිව්වේ නැහැ. අපිට කරන්න පුළුවන් තව දේවල් තියෙනවා." "සමහර මාධ්‍ය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයෙන් යනවා නම් අපි කරන්නේ කොමිසම සහ ඒ මාධ්‍ය ආයතනය අතර තිබෙන සියලු සම්බන්ධතා නතර කරනවා. නිල ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපි සලකා බලනවා ඒ ආයතනයට නිල ප්‍රතිඵල නිකුත් කරනවා ද? නැද්ද ? කියලා." 18 වනදායින් පස්සේ එන්නේ පැය 48ක නිහඬ කාලයක්. ඒ කාලය තුළ මාධ්‍ය කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ කියන එක විශේෂයෙන් වැදගත්. මේ පැය 48 නිදහසේ ඉන්න දීලා තියෙන්නේ ඡන්දදායකයාට අන්තිම තීරණය ගන්න පහසු කරන්න. "ඡන්ද විමසීම් කාලසීමාව තුළදී ඡන්දදායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට දුරකථන රැගෙන ඡන්ද පොළට යන්න බැහැ කියලා අපි තහනමක් පනවා තිබෙනවා. ඡායාරූප ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම්. තැපැල් ඡන්දයේදී එහෙම කරපු අය දැන් ඉන්නේ අත්අඩංගුවේ." "මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක්. මේකෙදි පළමු අදියරේ ගණන් කිරීම් නතර කිරීමට එක ඡන්දයක් ප්‍රමාණවත් වෙනවා. පළවෙනි අවස්ථාවේදී අපේක්ෂකයා 50%ක් සහ තව එක ඡන්දයක් ගත්තොත් එතනදී මුල් අදියර අවසන්. එතකොට අපිට පුළුවන් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන්න."

ලකුණ මාරු කරගන්නේ නැතුව ඔබේ ඡන්දය හරියටම දාන්නේ මෙහෙමයි. - (VIDEO)

ලකුණ මාරු කරගන්නේ නැතුව ඔබේ ඡන්දය හරියටම දාන්නේ මෙහෙමයි. - (VIDEO)


ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යන නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් සියලුම මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවලදී ජනාධිපති ධූර අපෙක්‍ෂකයන් සඳහා වෙන්කරන කාලය දිනපතා විමසීමට ලක්කරන බව කී රත්නායක මහතා පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම දැඩි අධීක්‍ෂණයෙන් කටයුතු කරන බව ද සඳහන්.

මාධ්‍ය උපමාන (නීති රීති) මෙන්න. 👇👇👇👇

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)