සජිත්ට සහය දෙන්න ප්‍රබල පක්ෂයක් ගත් තීරණය බ්‍රේකින් නිව්ස් එකක් වෙනකොට.. තවත් නොහිතපු දෙයක් එළියට..

Report

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයෙ දී සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

එලෙස ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ ය.

පොකට් එකට දැනෙන්නම ද?. IOC, සිපෙට්කෝ අඩු වෙද්දි තවත් තීරණයක් මෙන්න..(UPDATE)

පොකට් එකට දැනෙන්නම ද?. IOC, සිපෙට්කෝ අඩු වෙද්දි තවත් තීරණයක් මෙන්න..(UPDATE)


ඒ මහතා පැවසුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) රැස් වූ අතර ඊට සහභාගීවීට නොහැකි බව තමන් මීට පෙර දැනුම් දුන් බව ය.

එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කරන ලෙසත් අවසන් තීරණයක් නොගන්නා ලෙසත් තමන් පක්ෂය දැනුවත් කර තිබූ බව ඔහු පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට අද පැවති මධ්‍ය කාරක සභාවේ දී ඉලංගෙයි තමිල් අරසු කච්චි ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය පක්ෂය යම් අපේක්ෂකයෙකුට සහාය ලබා දෙන්නේ නම් එය සිදුකරන්නේ කුමන පදනමක් මත ද යන්න තීරණය කළ යුතු බවයි.

එමෙන්ම, පක්ෂයේ නායකයා ලෙස තමන් එය දැනුම්වත් වියයුතු බවත්  මධ්‍ය කාරක සභාව ගත් මෙම තීරණය ඒකපාර්ශ්විකව ගත් තීරණයක් බවත් එය පිළිබඳ තමන් දැනුම්වත් නොකර මාධ්‍යට පැවසීම සුදුසු ක්‍රියාවක් නොවන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

මේ අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි මහ ලේකම් පී. සත්‍යලිංගම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් ඒකාබද්ධ තීන්දුවක් බව ය.

එම තීන්දුව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද මාධ්‍යට පැවසු බව ද එම නිවේදනයේ සඳහන් වේ.

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


මෙම තීන්දුව සම්බන්ධයෙන් පක්ෂයේ නායකයා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා මීට පෙර දැනුම්වත්ව සිටි බවත් අද මධ්‍යම කාරක සභාව රැස්වී සාකච්ඡා කළ වැඩිදුර කරුණු කාරණා පසුව ඔහුට පැවසීමට සිටි බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ය.

කෙසේ වෙතත්, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද වව්නියාවේ දී රැස් වීය.

ඉදිරි පැය කිහිපය තමයි.. වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න.. හදිසියේම ඇස් රතු වෙන ආරංචියක් මෙන්න..

ඉදිරි පැය කිහිපය තමයි.. වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න.. හදිසියේම ඇස් රතු වෙන ආරංචියක් මෙන්න..


එහිදී පැය 5කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබෙනවා.