ඉදිරි පැය කිහිපය තමයි.. වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න.. හදිසියේම ඇස් රතු වෙන ආරංචියක් මෙන්න..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ බටහිර - මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය කිහිපය තුළ ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩීෂා වෙරළ ප්‍රදේශයට ගමන් කරනු ඇති බවයි.
මේ හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70ත් 80 අතර තද සුළං පැවතිය හැකි වේ.
ඒ බැවින් ධීවර හා නාවික ප්‍රජාව, අද (01) දිනය තුළ යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබීය.
මේ අතර, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මහනුවර, නුවරඑළිය, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය විසි හතර තුළත් මිලිමීටර 75 පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.