ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට මහ විනාසයක්.. රටම සලිත කරමින් රතු එළියක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඇතැම් විට ගංවතුර තත්ත්වයක් වුවත් ඇති විය හැකි බව සඳහන් කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අජිත් විජේමාන්න මහතා කියා සිටියේ, එම කාලසීමාව තුළ දී සාමාන්‍ය වර්ෂාපතනය ඉක්මවා තද වැසි ඇති විය හැකි බවයි.

එසේම ඉදිරි මාස හය සම්බන්ධයෙන් සිදුකළ දත්ත විශ්ලේෂණයේ දී මේ බව අනාවරණය වී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

දවසින් දවස ගිනි ගණන් යන රත්තරන් - අද ඊයෙටත් වඩා ඇස් උඩ ‍යන රන් මිල ගණන් මෙන්න

දවසින් දවස ගිනි ගණන් යන රත්තරන් - අද ඊයෙටත් වඩා ඇස් උඩ ‍යන රන් මිල ගණන් මෙන්න

එහිදී පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා,

"සාමාන්‍ය අවුරුද්දෙන් 30%ක් මේ මාස දෙකේ වහිනවා. එතකොට ඒක තවත් වැඩි වුණාම ලොකු වැස්සක් වැව් පිරිලා සමහරවිට ගංවතුර වුණත් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඔත්තෝබර් නොවැම්බර් මාස වන විට ලංකාව පුරාම වැස්ස ව්‍යාප්ත වෙනවා. තද වැසි තියෙන්න පුළුවන්. ගංවතුරක් එනවාම කියන්නේ නෑ. කෝකටත් අපි සූදානම් වෙන්න ඕනි. එන්න ඉඩකඩකුත් තියෙනවා"යනුවෙන් පැවසුවා.

මේ අතර, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන කාලවකවානුවේදී එල්නිනො තත්ත්වය දැඩි ලෙස බලපාන බවද ඔහු කියා සිටියා.

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි